Friday, September 22, 2017

කිසිදු Software එකක් භාවිත නොකර Youtube videos,Audio Download කරගන්නා ආකාරය.

Hi යාලුවනේ මම අද ඔයාලට ගොඩක් වැදගත් වෙන post එකක් අරන් තමයි ආවේ.ඔයාල හැමෝම වගේ online videos බලනව.Youtube කියන්නෙත් අපිට කැමති දෙයක් search කරල online video බලන්න පුලුවන් තැනක් තමා.
                       හැමෝම youtube එකෙන් videos බලන්න දැනගත්තත් ගොඩක් අය youtube එකේ තියෙන videos download කරන්න දන්නෙ නැ.youtube videos download කරන්න android software වගේම pc(windows ) software විශාල ප්‍රමානයක් අද වන විට හදුන්වා දී තිබෙනවා.එම software සමහරක් යොදා ගෙන ඉතාමත් පහසුවෙන් videos download කරගන්න පුලුවන් වගේම සමහර software යොදා ගෙන videos download කිරීම ඉතාමත් සංකීර්ණයි 
              ඉතින් මම අද ඔයාලය කියල දෙන විදිය ඔයාල අනුගමනය කරොත් ඔයාලට ඉතාමත් පහසුවෙන් youtube videos download කරගන්න පුලුවන්.මම ඔයාලට හදුන්වා දෙන ක්‍රමයේ තියෙන වි⁣ශේෂත්වය තමයි මෙයට අමතර software(download software)කිසිවක් අවශ්‍ය නොවීමයි.හරි එහෙනම් අපි වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු.
                                                     මුලින්ම ඔයාගෙ phone එකේ හරි පරිගණකයේ හරි web browser එක open කරල google එකට ගිහින්.search bar එකෙ youtube කියල type කරන්න.මම පහල කරල තියෙනව වගේ කරන්න.




දැන් යාලුවනේ ඔයාලට download කරගන්න අවශ්‍ය දේ search  bar එකේ type කරල search කරන්න.ඊට පස්සෙ අවශ්‍ය video එක select කරගෙන open කරගන්න.මම මෙතනදී  new songs sinhala කියල srarch ⁣කරේ



හරි දැන් මම පහල ඊතලයකින් පෙන්නල තියෙන්නෙ video එකේ url එක.අපි පොඩ්ඩක් ඒක edit කරගන්න ඕනි.මුලින්ම  මම පෙන්නල තියෙනව වගේ url එක උඩ tuch කරන්න.එතකොට url select වෙයි.අපිට edit කරන්න ඔ්නි url එකේ මුලටික නිසා මම ඊතල වලින් පෙන්නල තියෙන දිශාවට select කරගනිපු url එක drag කරන්න.එත⁣කොට ඔයාලට url එකේ මුලටික බලාගන්න පුලුවන්.දැන් url එකේ තියෙන youtube කියන එකේ y අකුර ඉස්සරහට ss කියල type කරල ok හරි go හරි දෙන්න.එතකොට ඔයාලට පෙන්නුම් කරයි video එකේ download page එක.






යාලුවනේ දැන් අපේ වැඩේ අවසන් අදියර තමා තියෙන්නෙ.මම රවුම් කරපු  video  format එක ලග පොඩ් ඊතලයක් ඇති.ඒක click කරාම more කියල ඒවි more කියන එක click කරාම video ,audio format ගොඩක් load වෙයි.එතනින් ඔයාලට කැමති format එක select කරපු ගමන් ඔයාල select කරපු video file එක ඔයාගෙ දුරකථනයේ හෝ පරිගණකයේ download folder එකට downlad වෙයි




යාලුවනේ ඔයාලට මම දැන් කියල දුන්න ක්‍රමය භාවිතා කරල ඉතාමත් පහසුවෙන් youtube videos download කරගන්න පුලුවන්.හරි එහෙනම් ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලන්නකෝ.ගැටලුවක් තියෙනවනම් comment කරන්න යාලුවනේ.මගේ post හොදයිනම් ඔයාලගෙ යාලුවන්ටත් මගේ blog එක ගැන කියන්න.පුලුවන් නම් මගේ blog එක share කරන්න.ආයෙත් මේ වගේ post එකකින් set වෙමු....



No comments:

Post a Comment